මී උණ මරණ සංඛ්‍යාව 15ක්.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිර යාමේ අවධානමක් මතුව ඇති බවත් , 2023 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා කාල පරාසය තුළ මී උණ රෝගීන් 127 දෙනෙකු වාර්තා වී ඇති බවත් , මී උණ මරණ 15 ක් වාර්තා වී ඇති බවත් , මෙම මරණ අතර අවුරුදු දහතුනක පාසල් සිසුවියක් ද සිටින බවත් ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ එරන්ද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම බද්දේගම , බලපිටිය , කරන්දෙණිය , උඩුගම , යක්කලමුල්ල , ඉමදූව යන කොට්ඨාසවල වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බව ද සඳහන්.

“ සමාන්‍යයෙන් කලින් මෙම රෝගය වැළදුනේ දිනපතා කුඹුරු වැඩ කරන අයටයි. නමුත් දැන් එම අය දැනුවත් නිසා කුඹුරට බැසීමට පෙර ප්‍රතිකාර ගන්නවා.පසුගිය කාලයේ වාර්තා වූ රෝගීන් අතර ඉදහිට කුඹුරට බැහැපු අය , වෙනත් කෙනෙකුගේ උදව්වට කුඹුරට බැහැපු අය , සරුංගල් අරින්න කුඹුරට බැහැපු ළමයින් ,කුඹුරු හරහා වෙනත් වැඩ වලට ගිය අය සිටිනවා . ඒ වගේම මඩ සහ ජලය ආශ්‍රිත ඉඩම්වල වගා කරන අයත් කීර කොටු වගාකර ගෙන යන අයත් ඉන්නවා. “

Exit mobile version