කොරියානු සිහිනය බොඳ වූ 48 දෙනාට නැවත රැකියා අවස්ථා.

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පමා වීම හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා යාමට සිටි මෙරට ශ්‍රමිකයන් පිරිසකගේ රැකියා සිහිනය බොඳ වූවා යැයි පල වන වාර්තා අසත්‍ය බව වාර්තා වේ.

පසුගිය 23 වන දා ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සිඳු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එදින රාත්‍රී 8.00ට කොළඹ සිට කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානය නියමිත වේලාවට ගුවන් ගත කළ නොහැකි විය . නමුත් එම ගුවන් යානය මැයි 24 වන දින උදෑසන 6.00ට ගුවන් ගත කිරීමට හැකිව තිබේ.

එහිදී කොරියාව බලා පිටත් වීමට සූදානමින් සිටි මෙරට ශ්‍රමිකයින් පිරිසගේ කටයුතු කොරියාවේ දී කළමණාකරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් එම ශ්‍රමිකයන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ අතර මෙම ශ්‍රමිකයන් ලබන ජුනි මස 04 වන දින නැවත පිටත් කරන ලෙස කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව  විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.ජී.ජී.එස්.යාපා මහතා සඳහන් කර තිබේ.

Exit mobile version