ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු අද සිට.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සඳහා අභියාචනා කැඳවීම අද (27) සිට ආරම්භ වන බව වාර්තා වේ.

ඒ අනුව මාර්ගත ක්‍රමය ඔස්සේ ලබන දෙසැම්බර් මස 04 වනදා දක්වා එම අභියාචනා ඉදිරිපත් කළ හැකි බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය 16 වනදා නිකුත් කරනු ලැබුවේය.

Exit mobile version