කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවේ වාර්තාගත ආදායමක්.

පසුගිය 2022 වසරේදී කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවේ රුපියල් බිලියන 2 ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.

ගාල්ල , මාතර , මහනුවර දිස්ත්‍රික්කවල තේ කර්මාන්තශාලා 4 ක් පවතින බවත් , රාජ්‍ය ආයතනයක් ලෙස රජයේ පවතින නීතිරීතිවලට ද අනුගත වෙමින් සමාගමේ සාර්ථකත්වය පෙන්වූ බවත් එම සමාගමේ සභාපතිවරයා අදාළ සමාගමේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමට පසුගියදා පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සඳහන් කළේ ආයතනය කුඩා වුවත් , මූල්‍ය ප්‍රකාශන ඇතුළු කරුණු හේතුවෙන් විශාල ප්‍රගතියක් මෙම සමාගම පෙන්වා දී ඇති අතර මෙවැනි ප්‍රගතියක් සහිත ආයතනයක් හමුවූයේ බොහෝ කාලයකට පසුව බවයි.

Exit mobile version