ඇහැළියගොඩට රතු නිවේදන.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය විසින්  නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා ප්‍රකාශ කර ඇත්තෙ තව දින කිහිපයක් වර්ෂාව ලැබීමට නියමිත බවත් , නිවෙස් අවට පස් කණ්ඩි කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි දෑ සිදුවිය හැකි බවත් , ඒ සම්බන්ධයෙන්  සැලකිල්ලෙන් පසුවන ලෙසත් ය.

Exit mobile version