තත්ත්වය මොකක් උනත් මැතිවරණ නොපැවැත්වීම අපරාධයක් – මහින්ද.

රටක නොවිය යුතු දෙයක් බව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කොට ඇත්තේ නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් බවයි.

හිටපු සභාපති වරයා පවසා ඇත්තේ ලබන අගෝස්තු මස හෝ මැතිවරණය පවත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

සභාපති වරයා වැඩිදුරටත් අදහස් දක්වමින්.

මොන තත්ත්වයක් උඩ හරි නියමිත කාලයට  ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක හරි අපරාධයක්. ඒ වගේම කනගාටුදායක තත්ත්වයක්. රටක කිසිදා සිදු නොවිය යුතු දෙයක්. මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කොහොමද කියන එක තමා අද තියෙන ප්‍රධාන  ගැටලුව. ඒ හැකියාව තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවටයි, මුදල් අමාත්‍යාංශයටයි, මහ භාණ්ඩාගාරටයි  එකතුවෙලා මිසක් මාධ්‍යවලටවත්, අපටවත්, රටේ සාමාන්‍ය ජනතාවටවත් නෙමෙයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි ආර්ථික නිදහස, සංස්කෘතික නිදහස, ආගමික නිදහස, මුලික අයිතිවාසිකම්වල තියෙන සියලු කරුණු ඇතුළත් වෙනවා. ඇත්තටම මැතිවරණ නැහැ කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියන එක. මම බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ, අගෝස්තු මාසයේ ලෝක තරුණ දිනයට කලින්වත් එහෙම නැත්නම් සැප්තැම්බර් 15 ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනය වෙද්දිවත් මේ ඡන්ද විමසීම තියයි කියලා.”

Exit mobile version