අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ,ඇමරිකාවට ඇතුළුවීම තහනම් කිරීමට ගත් තීරණය ප්‍රතික්ෂේප කරන බවට විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු අද (27) මේ බව ලංකාවේ ඇමරිකානු තානාපතිනියට දැනුම් දී තිබේ.
ඔහු නාවික හමුදාපතිවරයාව සිටියදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් මත අද උදෑසන ඔහු සහ ඔහුගේ බිරිද වන ශ්‍රීමති අශෝකා කරන්නාගොඩ සදහා ඇමරිකාවට ඇතුළු වීමට තහනමක් පනවා තිබුණද මේ වන විට එම තහනම ප්‍රතික්ෂේප කර තිබේ.
