ලබන වසරේ ජනවාරි මාසයේදී ජනතාව වෙත සුවිශේෂී විදුලි ගාස්තු සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
“රටේ අමාරුකම් මම පිළිගන්නවා. විදුලිබිල වැඩියි. ඉන්ධන මිල වැඩියි. මම කියනවා ජනවාරි 1 වනදා විදුලි සංශෝධනය වෙනුවෙන් නොවැම්බර් මාසයේ යෝජනාව දෙන්න. දැන් ජූලි මාසයේ සංශෝධනයෙන් යම් ප්‍රමාණයක් අඩුවෙනවා. අවම මට්ටමේ විදුලිය භාවිතා කරන ඒකක 0 – 30, 30 – 60, 60 – 90 ඒ පිරිසට 27%කින් විදුලිබිල අඩුකරන්න අපි යෝජනා කරලා තියෙන්නේ. ජනවාරි මාසයේ දී මේ යන වැඩපිළිවෙල ගෙනිහින් මීට වඩා දැනෙන සහනයක් විදුලිබිල වෙනුවෙන් ලබාදෙන්න කටයුතු කරනවා.”
