ගංවතුරින් පීඩාවට පත් වූ ජනතාවට සහනයක්.

ගංවතුරින් පීඩාවට පත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට රතු කුරුස සමාජයෙන් ජල බෝතල් ලීටර් 15,000ක් ප්‍රදානය කර ඇති බව වාර්තා වේ.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත එම ජල බෝතල් භාර දී ඇති බවට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මේ වනවිට ගංවතුර තත්ත්වයත් සමග එම දිස්ත්‍රික්කවල ළිං සහ පානිය ජල මුලාශ්‍ර බොහෝමයක් අපවිත්‍ර වී ඇති බව වාර්තා වේ.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රතුකුරුස ජාත්‍යන්තරයේ අවධානය ලබාගැනීමට අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයෙන් ඉල්ලීමක් සිදුකර ඇතැයි ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Exit mobile version