ඉන්දියාවේ ආගමික ගැටුම්.

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ හටගෙන තිබෙන ආගමික ගැටුම් සම්බන්ධයෙන් 130 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මෙම ගැටුම්වලින් එක් අයෙක් මිය ගොස් ඇති අතර තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්.

මෙම ගැටුමට හේතු වී ඇත්තේ කේරළයේ කතාව නැමැති චිත්‍රපටිය පිළිබදව දෙදෙනෙකු අතර වට්ස් ඇප් ඔස්සේ හුවමාරු වූ සංවාදයක ඡායාරූප සමාජ මාධ්‍යට එක් කිරීමත් සමග වන අතර හින්දු කාන්තාවක් ඉස්ලාම් ආගමට හරවාගෙන අයි.එස්.ත්‍රස්ත සංවිධානයට බදවා ගැනීම පාදක කරගනිමින් අදාළ චිත්‍රපටිය නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

Exit mobile version