භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට.

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉදිරි මාස හතරේදී ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය , මහ බැංකුව සහ කර්මාන්ත අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කර තිබෙන නමුත් එම භාණ්ඩ මොනවා ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ආනයන සීමා ඉවත් කරන ලෙසට ආනයනකරුවන් නිරන්තරයෙන්  ඉල්ලා සිටිය ද ආනයනික සීමා ලිහිල් කිරීමට බලාපොරොත්තු වන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩවලට පමණක් බව අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.

Exit mobile version