රෝගීන්ට ලබාදීමෙන් පසුව සංකූලතා ඇති වූ හෙයින් පිළිකා එන්නතක් භාවිතයෙන් ඉවත් කළ බවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම ඖෂධයද ගෙන්වා තිබුණේ මීට පෙර ප්‍රශ්නකාරි ඖෂධයක් පෙන්වා අසාදු ලේඛණගත කළ සමාගම මගින්වීම විශේෂත්වයක්යැයි ද එහිදී ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.
එම පිළිකා එන්නත් 2250ක් ලංකාවට ගෙන්වා තිබෙන බව ද එහිදී ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කර කරයි.
මීට ඉහතදී ප්‍රශ්නගත ඖෂධ ගෙන්වා ඇති සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලමුද්‍රාව සහිත ව්‍යාජ ලේඛනයක් සකස්කර ඇති බව ද ඒ සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණයක් සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
