පුනර්ජනනීය ව්‍යාපෘති නව මානයකට

2023-2026 සහ 2026-2030 වර්ෂ සදහා වන පුනර්ජනනීය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සැලසුම පිළිබද සමාලෝචන රැස්වීම ඊයේ (7) පැවැත්වුණු බව වාර්තා වේ.

එහිදී තාවකාලික බලපත්‍ර ලබාදී ඇති සහ කල් ඉකුත් වූ බලපත්‍ර අහෝසි කිරීමටත් , ටෙන්ඩර් කර ඇති නමුත් මෙතෙක් භාවිත නොකළ අවසරයන් අවලංගු කරන ලෙසටත් අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බව සදහන්.

මෙහිදී සාම්ප්‍රදායික නොවන සැපයුම්කරුවන්ගේ දීමනා ගෙවා නිමකරන ලෙසත් , නව විදුලි මිලදී ගැනීමේ මිල සූත්‍රය, ඉදිරි මාස 18දී විදුලි උත්පාදන සැලසුම ,තාවකාලික බලපත්‍ර ව්‍යාපෘති වල ප්‍රගති සමාලෝචන ආදී කරුණු සාකච්ඡා කර තිබේ.

Exit mobile version