ස්වයංක්‍රීය පිස්තෝල අවියක් සමඟ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට.

රාජංගනය පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව යාය 15 , මාරගහවැව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු සතුව තිබී ස්වයංක්‍රීය පිස්තෝල අවියක් , පතරොම් ගැබ් එකක් සහ පතරොම් 11ක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම සැකකරු ශ්‍රී ලංකා යුද හමුදාවට අනියුක්තව සේවය කර විශ්‍රාම ලැබූ අයෙක් බවත් , විශ්‍රාම ලබන විට කිලිනොච්චිය යුද හමුදා කදවුරකට අනියුක්තව රාජකාරී කර ඇති බවත් සිඳු කළ විමර්ශනවලින් අනාවරණය වූ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරයි.

Exit mobile version