විශ්‍රාමික නාවික සෙබළා ගිනි අවි සමග මාට්ටු.

විදෙස් රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු මාලිම්බඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හතළිස් දෙහැවිරිදි උයන්ගොඩ, කරගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකාර විශ්‍රාමික නාවික සෙබළා මුලතිව් ප්‍රදේශයේ රාජකාරි කරන අවධියේ දී මෙම ගිනි අවිය නිවසට රැගෙන විත් ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවට පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version