විදෙස් රටවල රැකියා කිරීම සඳහා සුදුසුකම් සැපිරූ වෛද්‍යවරුන් 5,000ක පිරිසක් රට හැර යාමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර ඇති බව වාර්තා වේ.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරන්නේ, මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා රජය කඩිනම් වැඩපිළිවළක් සකස් කළයුතු බවයි.
“බරපතළ කාරණය තමා විදෙස් රටවල වෛද්‍යවරු විදියට සේවය කරන්න අවශ්‍ය අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරපු වෛද්‍යවරු 5,000 ප්‍රමාණයක් රට තුළ රැඳී සිටිනවා. රැකියාවක් ලැබුණු සැණින් රටින් පිටවෙලා යෑමේ අරමුණින්. 5,000ක් කියන්නේ මේ රටේ වෛද්‍යවරුන්ගෙන් 4න් 1ක ප්‍රමාණයක්. මේ ගැටලුවේ බරපතළතාවය ඉදිරියේ දී වැඩි වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකළ යුත්තේ ඒ යන්න තීරණය කරලා ඉන්න වෛද්‍යවරුන් පිරිසට මේ හේතුවට මූලික වූ හේතු කාරණා හඳුනාගනිමින් අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.”
පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබූ වෛද්‍යවරුන්ගෙන් 250කට අධික පිරිසක් පද්ධතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
