දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා අවදානමක්.

ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතරේ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව කොළඹ රිඡ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කල බවට වාර්තා වේ.

මේ අතර ඔහු වැඩිදුරටත් පවසන්නේ පවතින උෂ්ණාධික කාලගුණය යටතේ දරුවන් මෙන්ම වැඩිහිටියන්ද වැඩි වශයෙන් ජලය පානය කල යුතු බවයි.

“මේ දවස්වල අපි හැමෝටම දාඩිය දානවා. දවල් වරුවේ දාඩිය දාන එක වැඩි නිසා විචලනය වෙන්න පුළුවන්. එහෙම වුණාම රෝග ලක්ෂණ විදියට ඇඟපතට අපහසුව, හිසරදය, සමහර අයට වමනේ යනවා. වැඩකරන්න බැරි තත්ත්වය වගේ එන්න පුළුවන්. දරුවන්ටත් ඒ තත්ත්වය එන්න පුළුවන්. ඒ නිසා අපි වතුර බොන ප්‍රමාණය වැඩිකරන්න. වැඩිහිටියන්ට වුණත් වැඩිපුර වතුර බොනවා නම් මම හිතන්නේ ඉතාම වැදගත්.”

ප්‍රශ්නය – ඉන්ෆ්ලුවන්සා පැතිරීම ගැන අලුත්ම වාර්තා මොනවා ද?

“ඉන්ෆ්ලුවන්සා A තමා වැඩිපුරම දැක්කේ. ඉන්ෆ්ලුවන්සා B කියන තත්ත්වයත් සමහර අයගේ දැක්කා. ඒ නිසා තමයි ඒ රෝගය ස්වසන රෝගයක්. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සොටුගැලීම, “කිවිසුම් යෑම සහ සමහර අයට කඳළු ගැලීම හා කබ ගැලීම ආදි තත්ත්වයන් තියෙනවා. සමහර අයට පහළ ස්වසන මාර්ගයේ රෝග තත්ත්වයනුත් ඇති කරනවා. එතැනට නිව්මෝනියා තත්ත්වයන් ඇති කරනවා. සමහර අයට ඔක්සිජන් ඕනේ වෙනවා. ඒ නිසා තමයි මේ රෝගය වළක්වා ගන්නවා නම් තමා හොඳ. මෙතනදී ළමා හතිය වැඩිවීමකුත් අපි දකිනවා පසුකාලීනව.”

Exit mobile version