පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යාමේ අවදානමක් පවතින බවට විශේෂඥ මනෝ වෛද්‍ය රෑමි රෑබන් මහතා ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
දින කිහිපයක සිට පැවතෙන උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටීම හේතුවෙන් ඔවුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී විවිධ අපරාධවලට යොමු විය හැකි බවට එතුමා ප්‍රකාශ කර තිබේ.
මේ අතර මානසික රෝගවලට බෙහෙත් ගන්නා පුද්ගලයින්ගේ පිපාසය අඩු බවත් එම නිසා ඔවුන් විජලනයට ලක් විය හැකි බවත් , දරුවන්ගේ සිතීමේ හැකියාව අඩුවී එමගින් දරුවන්ට අධ්‍යාපනික ගැටලු ඇතිවිය හැකි බවත් ප්‍රකාශ කර තිබේ.
