මී උණ අවදානම යළිත්.

කීර කොටුවල වැඩ කරන කාන්තාවන්ට සහ කුඹුරු වැනි මඩ සහිත භූමි ප්‍රදේශවලට සරුංගල් යැවීමට යන කුඩා දරුවන්ට මී උණ වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා ඊයේ (18දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මී උණ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඇය සඳහන් කළේ ගම්පහ,කුරුණෑගල,ගාල්ල මාතර යන ප්‍රදේශවල මී උණ වැඩි වශයෙන් ව්‍යාප්ත වන බවත් , රත්නපුර දිස්ත්‍රික්කයේ පතල් ආශ්‍රිතව සේවය කරනා පුද්ගලයන් අතර මී උණ වැලඳීමේ වැඩි අවදානමක් ඇති බවත්ය.

උණ,මස් පිඬු වේදනාව, ඇස් කහ පැහැ ගැන්වීම වැනි රෝග ලක්ෂණ දින තුනකට වඩා වැඩි කාලයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් විශේෂඥ වෛද්‍යවරිය ජනතාවට දැනුම් දී තිබේ .

එමෙන්ම ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මේ වනවිට බොහෝ ප්‍රදේශවලින් මී උණ රෝගීන් වාර්තා වී ඇති අතර වාර්තා වන මී උණ රෝගීන්ගෙන් 5% ක ප්‍රමාණයක් නිසි වේලාවට ප්‍රතිකාර නොගැනීම නිසා මිය ගොස් ඇති බවද විශේෂඥ වෛද්‍ය තුෂාරි දබරේරා මෙහිදී සඳහන් කරන ලදී .

තවද කුඹුරුවල ඇති ජලය පානය කිරීමෙන් සහ මුහුණ සේදීමෙන් වළකින ලෙසත් , කුඹුරුවල අස්වැන්න නෙළීමේ කටයුතු සිදුකරනා කාලය තුළ සති දෙකකට වරක්වත් මී උණ සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ අදාළ පුද්ගලයන් විසින් ලබා ගැනීම සිදුකළ යුතු බවත් , එම ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ලබාගත හැකි බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කරන ලදී .

Exit mobile version