කුරුණෑගල ගනේවත්ත මකුල්වැව ගම්මානයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මී උණ වැළඳීමෙන් පසුගිය 09 වනදා මියගොස් තිබූ බව වාර්තා වේ.
38 සහ 39 හැවිරිදි වියේ පසුවූ අදාළ පුද්ගලයන් රෝගී වී තිබුණේ, ප්‍රදේශයේ පිහිටි කිරිඳිවැල්මඩ වැවේ දියනෑමෙන් පසුවයි.
මකුල්වැව ප්‍රදේශයේම තවත් පුද්ගලයින් 12ක් පමණ උණ සහිතව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවට ප්‍රදේශවාසීන් පවසයි.
ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ, පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ මසුන් ඇල්ලීමට සහ ස්නානයට ජලය අඩු වැව් වෙත ජනතාව පැමිණීමෙන් මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි.
