කළුතර දිස්ත්‍රික්කය පුරා පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ බෝවන රෝග පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තඹර කළුබෝවිල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව ඔහු සදහන් කළේ පානීය ජල මූලාශ්‍රවලට අපිරිසිදු ජලය එක්වී ඇති බැවින් උණුකොට නිවාගත් ජලය පානය කිරීමට ඉතා සුදුසු බවත් , වැසි ජලයෙන් යටවී ගිය වගාබිම් වලින් වෙළඳපොලට රැගෙන එන පළා වර්ග , අමු එළවළු, පලතුරු, ආදිය ආහාරයට ගැනීමේ දී වඩාත් සැලකිලිමත්ව ආහාරයට ගැනීමට පෙර ලුණු මිශ්‍ර ජලය යොදා එම පළා වර්ග හා එළවළු වර්ග සෝදා පිරිසිදු කරගෙන සුදුසු උෂ්ණත්වයක පිසගෙන ආහාරයට ගැනීම සුදුසු බවත්ය.
එමෙන්ම නිවසේ දී පිස ගන්නා ආහාර පමණක් මේ දිනවල ආහාරයට ගැනීම වඩාත් සුදුසු බවත් , ආහාර ගැනීමේ දී ආරක්ෂාකාරී නොවුණහොත් පාචනය වැනි රෝග වැලඳිය හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී .
