බෝවන රෝග පැතිරීමේ අවදානමක්.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ බෝවන රෝග පැතිරීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ පානීය ජල මූලාශ්‍රවලට අපිරිසිදු ජලය එක්වී ඇති බැවින් නටවා නිවාගත් ජලය පානය කිරීම ඉතා සුදුසු බවයි.

පළාවර්ග, අමු එළවළු, පලතුරු, ආදිය ආහාරයට ගැනීමේ දී ද සැලකිලිමත් විය යුතු බවට වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කර තිබේ.

ඔහු පැවසුවේ ආහාර ගැනීමේ දී ආරක්ෂාකාරී නොවුණහොත් පාචනය වැනි රෝග වැලඳිය හැකි බවයි.

මේ අතර ආරක්ෂිත කඳවුරුවල සිටින පිරිස් අතර පැපොල, ඇස් ලෙඩ, ශ්වසන රෝග ආදී රෝග පැතිරිය හැකි බැවින් රෝග ලක්ෂණ මතු වූ වහා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසුරිය මහතා අවධාරණය කර තිබේ.

Exit mobile version