ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩකයන් අතර පළමු තැන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිව ඇති බව ෆෝබ්ස් සගරාව වාර්තා කර තිබේ.
2023 වසරේ සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගත වීමෙන් පසු මොහු වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයා බවට පත් වූ අතර පසුගිය මාස 12 තුළ ඔහුගේ ආදායම ඩොලර් මිලියන 136 කි.
ෆෝබ්ස් සගරාව නිකුත් කළ ලොව වැඩිම ආදායමක් උපයන ලැයිස්තුවේ දෙවන ස්ථානයේ අර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක මෙසී පසුවන අතර තුන්වන ස්ථානයේ ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කිලියාන් මිබාපේ පසුවන බව සදහන්.
