සාදය මරණයෙන් කෙළවර වෙයි.

මිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් සිදු වූ ගුටි බැට හුවමාරුවකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 120, සීප්පුකුලම ලිපිනයේ පදිංචිව සිටි  එස්.එම්. කරුණාරත්න සිසිර කුමාර සෙනවිරත්න නැමැති 59 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. 

ඊයේ (23) රාත්‍රියේ සීප්පුකුලම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු අවසන් වී, පවත්වනු ලබන ගමේ සහල් මංගල්‍යය නමැති උත්සවයකින් අනතුරුව පිරිසක් අසල නිවසක සාදයක් පවත්වා ඇතිි අතර එම සාදය පැවැත්වෙන  අතරතුර බහින්බස් වීමක්  සිදු වීමෙන් පසුව සිදු වූ ආරවුලෙන් මෙම මරණය සිදුව ඇති බව සදහන්.

Exit mobile version