ඉගිණිමිටියෙනුත් නටඹුන් හමුවෙයි.

පවතින නියඟය නිසා ජල මට්ටම සීඝ්‍ර ලෙස පහළ යාමත්  සමඟ  වසර 10 කට පමණ පසු ඉගිනිමිටිය ජලාශයේ පැරණි නටඹුන් රැසක් මතුව තිබෙන බව වාර්තා වේ.

පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක දෙකටම මායිම්ව ඉගිනිමිටිය ජලාශය පිහිටා ඇති අතර නවගත්තේගම, කොටවෙහෙර, අඹන්පොල, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මායිම්ව තිබේ. අක්කර අඩි 58800 ක ජල ධාරිතාවකින් සමන්විත ඉගිනිමිටිය ජලාශයේ මේ වන විට ජල මට්ටම අක්කර අඩි 8900 දක්වා පහත වැටි ඇති බව ඉගිනිමිටිය ප්‍රාදේශීය වාරි මාර්ග  ඉංජීනේරු සමිර ප්‍රියංකර මහතා සඳහන් කර තිබේ.

Exit mobile version