2023 වර්ෂයේ මුල් භාගයේ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්වු රුපියල මෙම මස තුළදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ .
එමෙන්ම වසර අවසානය වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 355 දක්වා ඉහළ යනු ඇති බවත් එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබේ .
මේ වසරේ මුල් අර්ධයේදී ආසියාවේ හොඳම ක්‍රියාකාරිත්වයක් සහිත මුදල් ඒකකය ලෙස 19%කින් ශක්තිමත්වූ රුපියල ජුලි මාසයේදී ආසියාවේ දුර්වලතම ක්‍රියාකාරිත්වයක් සහිත මුදල් ඒකකය බවට පත්වී ඇති බවත් , එමගින් පෙන්වා දෙන්නේ, ඊයේ (24)දිනය වන විට අඛණ්ඩව දින 14ක් තුළ රුපියල 6%කින් අව ප්‍රමාණය වී ඇති බවත් අදාළ වෙබ් අඩවිය පෙන්වා දී තිබේ .
එමෙන්ම පොලී අනුපාත අඩුකිරීම සහ ආනයන සීමාවන් ලිහිල් කිරීම හේතුවෙන් ඉදිරියේදී රුපියල තවදුරටත් අවප්‍රමාණය විය හැකි බවත් , වර්ෂ අවසානය වනවිට ඩොලරයක විනිමය අනුපාතය රුපියල් 355ක් පමණ වනු ඇති බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ .
