රුපියල අතිප්‍රමාණ වෙයි.

2023 වර්ෂයේ මැයි 19 වන දිනය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 18.7% කින් අතිප්‍රමාණ වී ඇති බවත් , මෙම කාල වකවානුව තුළ දීම අනෙකුත් ප්‍රධාන ව්‍යවහාරික මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව ස්ටර්ලින් පවුමට සාපේක්ෂව 15.4% කින් ද , යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 24.1% කින් ද , ඉන්දියානු රුපියලට සාපේක්ෂව 18.7% කින් ද , යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 17.5% කින් ද මෙම කාල සීමාව තුළ ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇති බව සඳහන්.

Exit mobile version