රුසියාව විසින් යුක්‍රේනයේ ප්‍රධාන නගර කිහිපයක් වෙත ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අද (28) දින උදෑසන යුක්‍රේනයේ අගනුවරට සහ මධ්‍යම, දකුණු පළාත් දේකටද රොකට්, කාලතුවක්කු, යුද ටැංකි ප්‍රහාර මාලාවන් නොනවත්වා එල්ලකළ ඇති බවයි.
එම ප්‍රහාර හමුවේ 5 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.
තවද මෙහිදී රුසියා විසින් යුක්‍රේනයේ ඇතැම් ප්‍රදේශවලට වාරි වර ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
