රුසියානු ජනපති ජාතිය අමතයි.

කැරළිකාර වැග්නර් කුලී හමුදා මොස්කව් අගනුවර අල්ලා ගන්නා බවට තර්ජනය කර ඇති අතරතුරේ රුසියාවේ අනාගතය අනතුරේ බව රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ජාතිය අමතමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම තර්ජනය කුලී හමුදාවන් සිදු කරන පාවාදීමක් සහ ඉහළ රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස පුටින් විසින් හදුන්වා දුන් අතර එම සිද්ධියට සම්බන්ධන්ධ පුද්ගලයින් හට දැඩි දඩුවම් ලබා දෙන බවත් පුටින් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version