රුසියානු සංචාරක තරුණියගේ මුදල් පසුම්බිය සොරාගෙන.

මෙරට සංචාරය සදහා පැමිණි රුසියානු ජාතික  තරුණියක්  අකුරණ ප්‍රදේශයේ  සංචාරක හෝටලයක නවාතැන්  ගෙන සිටියදී  එමතරුණියගේ  ගමන් බෑගයක් තුළ තිබූ මුදල් හා වටිනා භාණ්ඩ යම්කිසි පුද්ගලයකු විසින් සොරාගෙන ඇති බව වාර්තාවේ.

එලෙස සොරාගෙන ඇත්තේ මුදලින්  රුපියල් 112,000 හා  රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා නවීන පන්නයේ  ජංගම දුරකථනයක් බවයි  පොලිසිය සදහන් කර ඇත්තේ.

එම තරුණිය  නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලයේ  කළමනාකරු විසින් මේ බව පොලිසියට පැමිණිලි කර ඇති බවත් භාණ්ඩ සොරා ගත් සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් පොලිසිය සදහන් කර ඇත.

Exit mobile version