ආපදාවට පත් වූවන්ට සහන සලසන්න සාගලගෙන් බලධාරීන්ට උපදෙස්.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ ආපදා තත්ත්වයන් ඇති විය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඊයේ (14) ත්‍රිවිධ හමුදාව , පොලිසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අදාළ බලධාරීන් හට උපදෙස් ලබා දුන් බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට බොහෝ ප්‍රදේශවල ඇති වී තිබෙන ගංවතුර බැස යාමට ක්‍රියාමාර්ග සැලසීමටත් , ගංඟාවල මෝය කට හාරා පුළුල් කිරීමටත් , විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා අවශ්‍ය බෝට්ටු සූදානම් කර තබා ගන්නා ලෙසටත් , නාය යෑම් අවදානම් ඇති කලාපවල ජනතාව ඉන් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමටත් ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සඳහන් වේ.

Exit mobile version