හොරණ බොරළුගොඩ ප්‍රදේශයේ සිදු වී වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී.අබේරත්න මහතා අද (15) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
මොහු ඊයේ (14) පස්වරුවේ තමන්ට අයත් ඉඩමට ගොස් ඇති අතර එම අවස්ථාවේ පිටස්තර පිරිසක් රැඳී සිටින බව දර්ශනය වී ඇත.පිටස්තර පුද්ගලයන් ගෙන්වා නොගන්නා ලෙස අදාළ ඉඩම රැක බලා ගැනීම සඳහා සිටින යුවළට දැනුම් දී තිබේ.එම අවස්ථාවේ දී සජබ සංවිධායක එම පිටස්තර පිරිස සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර පසුව ඔහු සන්තකයේ තිබූ බලපත්‍ර සහිත පිස්තෝලයකින් අහසට වෙඩි තබා තිබේ. නමුත් ඉන් කිසිවෙකුටත් තුවාලයක් සිදු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව සජබ සංවිධායක විසින් වෙඩි තැබීම සඳහා භාවිතා කරන ලද ගිනි අවිය සහ පතොරොම් 3ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොරවක් සමග අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
