විපක්ෂයේ පොදු සන්ධානය තවත් පුළුල් කරන්න සජබ තීරණය කරලා.

සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පොදු සන්ධානය තවදුරටත් පුළුල් කිරීමට ඊයේ (21) පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම  තීරණය කළ බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ අදාළ සන්ධානය තවදුරටත් පුළුල් කර රට අකර්මණ්‍ය කරමින් රට විනාශ මුඛයට ගෙනයන ආණ්ඩුවට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊයේ (21) දිනයේ දී   යෝජනා වූ බවත් ,  සිය සන්ධානය තුළින් පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බවත් ය.

Exit mobile version