සජිත්ගෙන් රජයට චෝදනා .

අමාරුවේ වැටුණ රට ගොඩගන්නවා කියා ආණ්ඩුව ජල ගාස්තුව පවා වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

රටේ ජනතාව රවටා ජල බිල සියයට 50කින් වැඩි කිරීම ජන පීඩක අත්තනෝමතික ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

ජනතාවගේ කරපිට බර පටවා රට ගොඩ ගත හැක්කේ කෙසේදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක කාර්යාලයේ දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමගි සේවක සංගමයේ අරමුදලට මුදල් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් පවසා තිබේ.

හෙට අනිද්දා දින ගෑස් මිලත් වැඩි වූ පසු ජනතාව කබලෙන් ලිපට වැටෙන බවත් රජයට ජනතාව ගැන කිසිදු හැගීමක් නොමැති බවත් විපක්ෂනායකවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version