වියළි කාලගුණයෙන් හෙම්බත් ජනතාව ගැන සජිත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි.

 රටේ පවතින වියළි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) දිනයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

මෙම සතිය සඳහා අද (22)  දිනයේ පළමු වරට පාර්ලිමේන්තුව රැස්වන අතර පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ සංචාරක කටයුතු පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ.

එමෙන්ම එම විවාදයට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වියළි කාලගුණය හේතුවෙන් රට පුරා ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version