2006 – 2008 යන කාල වකවානු අතරතුරේ දී සක්විති රණසිංහ විසින් කන්ට්‍රක්ෂන් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් 1978 මුදල් පනත උල්ලංඝනය කිරීම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ 2015 වර්ෂයේ දී නීතිපතිවරයා විසින් සක්විති රණසිංහට එරෙහිව නඩුවක් පවරා තිබුණි.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ ඉදිරියේ ඊයේ (14) කැඳවනු ලැබූ අතර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩුව ඉවත දමන ලෙස සක්විති රණසිංහගේ නීතීඥවරුන් මූලික විරෝධතාවක් මතු කරමින් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් නඩු පැවරිය හැක්කේ මහේස්ත්‍රාත් අධිකරණයට බවත් , තවදුරටත් නඩුව පවත්වා ගෙන යාමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බවත් සක්විති රනසිංහගේ නීතීඥවරුන් මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
