සනත් නිශාන්තට එරෙහි පෙත්සම යළි කැඳවයි.

අධිකරණයට අපහාස කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් 03ක් සැප්තැම්බර් මස 27 වැනිදා යළි කැඳවන ලෙසට අභියාචනාධිකරණය නියෝග කළ බව වාර්තා වේ.

මෙම පෙත්සම් අද (13) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ බව සදහන්.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ලට අදාළව කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවත් එය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිට කිරීමට අවශ්‍යව තිබෙන බවත්ය.

ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 27 දින කැඳවන ලෙස නියෝග කර තිබේ.

Exit mobile version