වැලිතැන්න සංජිව හා බලපිටියේ බැජීගේ ගෝලයෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙ හි උප ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.ආර්.ජි.එච්.යු. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.27 වන දින ඌරගස්මන්හංදිය පොලිස් වසමේ ඌරගස්මන්හංදිය ප්‍රදේශයේ දී වැටලීම් සිදුකර ඇති බව වාර්තා වේ.

එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 ක් සමඟ කයිලවත්ත, ඌරගස්මන්හංදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඌරගස්මන්හංදිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

මෙම පුද්ගලයා මීට පෙර අවස්ථා තුනකදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතින අතර සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වැලිතැන්න සංජිව හා බලපිටියේ බැජි යන පුද්ගලයින්ගේ ගෝලයකු බවත් ඔවුන්ගේ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් මොහු විසින් සිදුකරනු ලබන බවට තොරතුරුද අනාවරණය වී තිබේ

Exit mobile version