සපුගස්කන්ද පිරිපහදුව දින 20ක් වහයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්ත්වයට පත්කිරීමේ නඩත්තු කටයුත්තක් සඳහා එහි නිෂ්පාදනය මේ මස 18 වැනිදා සිට ඔක්තෝබර් මස 8 වැනිදා දක්වා අත්හිටුවන බවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද (1) පැවසූ බව වාර්තා වේ.

එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇනවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version