ලබන 21 වැනිදා ජපානයේදී ආරම්භ වීමට නියමිත සිකෝ ගෝල්ඩ් ග්‍රෑන්ඩිෆික්ස් විවෘත ශ්‍රේණි ගත කිරීමේ මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවේ දුර පැනීමේ ජාතික ශූරියක වන සාරංගි සිල්වා සුදුසුකම් ලබා ඇති බවට වාර්තා වේ.
මීටර් 6 යි දශම හයයි පහක උපරිම දක්ෂතාවයක් දක්වා ඇති සාරංගි,මෙම ඉසව්වේ අවසන් වරට දැක්වූ දක්ෂතාවය මීටර් හයයි දශම හතරයි දෙකක් බව සදහන්.
සිකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩිෆික්ස් සැළකෙන්නේ ඒ කාණ්ඩයේ ශ්‍රේණි ගත කිරීමේ මළල ක්‍රීඩා තරගාවලියක් ලෙස වන අතර ලොව ප්‍රමුඛ පෙළේ මළල ක්‍රීඩකයින් රැසක් සහභාගි වන මෙය අතිශය තරගකාරී තරගාවලියක් බවට සදහන්.
