සමූපකාර තොග වෙළද සංස්ථාව හෙවත් සතොස වසා දැමීමට යන බව පවසමින් එහි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (13) මෝදර කාලි මෑණියන්ගේ දේවාලයේ දේව කන්නලව්වක් සහ පොල් ගැසීමක් සිදු කළ බව වාර්තා වේ.
ඔවුන් කියා සිටියේ එමගින් සේවකයින් 300 කගේ පමණ රැකියා අහිමිවන බවයි.