සුඩානයේ සිටින ලාංකිකයන්ට සෞදියේ සහාය.

සුඩානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු පසුගියදා ජෙඩා වෙත රැගෙන ආ අතර දෙවන කණ්ඩායම ද සෞදි අරාබියේ ජෙඩාහි පිහිටි කිංග් ෆයිසාල් නාවික කඳවුර වෙත රැගෙන ආ බව වාර්තා වේ.

එම පිරිස අතර ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු සිටින බවත් ,  සුඩානයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි සෞදි අරාබි රජය සහාය දක්වන බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම සුඩානයේ රැඳී සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට අවශ්‍ය සහය ලබා ගැනීමට පෝට් සුඩාන් නගරයේ අල් රවුඩා හෝටලයේ තාවකාලික ස්ථාපිත කර තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය සම්බන්ධ කරගත හැකි බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version