අගුරුවාතොට ගල්පාත ප්‍රදේශයේදී අකුණුසැර වැදීමක් සමග ඇතිවූ කම්පනයකින් පාසල් සිසුවකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ ගල්පාත , බටගොඩ, වටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී අනූෂ ගිම්හාන් පෙරේරා නමැති 15 හැව්රිදි පාසල් සිසුවෙකි.
අකුණුසැර සැර එල්ලවන අවස්ථාවේ පාසල් සිසුවා නිවසේ කොරිඩෝවේ රැදී සිට ඇති අතර , එහිදී ඇතිවූ කම්පනයෙන් සිසුවා බිම ඇදවැටී ඇති බව සදහන්.
ඒ මොහොතේම ඔහු ගල්පාත ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත් , රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් වාර්තා වේ.
