පාසැල් වාර ප්‍රවේශ පත් ගාස්තුව වැඩිවේ – පාසැල් ළමුන් ප්‍රවාහන බස් රථ ගාස්තුව?

ශ්‍රී ලංගම පාසැල් වාර ප්‍රවේශ පත්‍ර අයකිරීම් ගාස්තුව ඉහල දැමීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව එය සියයට 25 ත් සියයට 30 ත් අතර ප්‍රමාණයකින් වැඩි වන බවයි සදහන් වන්නේ

එමෙන්ම එයට අමතරව කාර්මික විද්‍යාල හා විශ්ව විද්‍යාල  සිසුන් සදහා නිකුත් කරනු ලබන වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුවද ඒ ආකාරයෙන්ම ඉහල යන බව වාර්තාවේ.

එම ගාස්තු වැඩිකිරීම මත පාසැල් ළමුන් ප්‍රවාහන බස් රථ ගාස්තුව වැඩිවන්නේද නැද්ද යන්න තීරණය වන බව ප්‍රවාහන අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කොට තිබේ.

Exit mobile version