නවගමුව විහාරස්ථානයේ පමණක් නොව තවත් පූජනීය ස්ථාන රැසක ප්‍රකෝටි ගණන් මුදල් හා රන් ආභරණ වංචා සිදුවන බැවින් කෝටි ගණන් පඬුරු වැටෙන සියළුම විහාරස්ථාන හා දේවාලවල පිංකැටවලට වහාම සීල් තැබිය යුතුයැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසති.
මෙලෙස කෝටිගණන් පඬුරු වැටෙන ස්ථානවලින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ගිණුම් වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් , ඒ සියළුම මුදල් පෞද්ගලික පරිහරණයට ගැනීම ජාතික අපරාධයක් බවත් උන්වහන්සේ කියති.
නවගමුව පත්තිනි දේවාලයේ කාලයක සිට කෝටි ගණනක මුදල් වංචා සිදුවන බවත්, ඒ සියළු මුදල් රියැදුරෙකු හා භික්ෂුවක් විසින් ගසාකන බවත් මීට පෙරත් අපි පෙන්වා දුන්නත් කිසිවකු ඒ සඳහා පියවර නොගත් බවත් වනවාසි රාහුල හිමියෝ කියති.
” පිංකැටවලට වැටෙන්නේ රටේ ජනතාවගේ මුදල්.මේවා ගසාකෑම ජාතික අපරාධයක්.මම මීට පෙර අවස්ථා ගණනාවකදි මේ ගැන කිව්වා.අන්තිමට මගේ පතුරු අරින්න පටන් ගත්තා.මට මතකයි අකිල කාරියවසම් මහතා සංස්කෘතික ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී පිංකැට සීල් තියන්න හැදුවාම කට්ටියම ඒකට විරුද්ධ වුණා.මම විතරයි ඒ වැඩේ අනුමත කළේ.පිංකැටවලට සීල් තියනවාට විරුද්ධ වෙන්නේ හොරු තක්කඩියෝ .
පිංකැටවලට කොපමණ මුදලක් වැටෙනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ.ඒ මුදල්වලට සිදුවන්නේ මොකක්ද කියලවත් කවුරුවත් දන්නේ නැහැ.අහිංසක මිනිස්සු පිංකැටවලට දාන මුදල් වලින් අඹුදරුවෝ පෝෂණය කිරීම වගේම විවිධ අක්‍රමිකතා සිදුවනවා.පඬුරු එකතුකරලා ඒ සල්ලිවලින් කාන්තාවන්ට වාහන අරන් දීපු තැන් මට නම් වශයෙන් කියන්න පුළුවන්.ඉහළම තැන්වල නම් පවා මට කියන්න පුළුවන්.
නවගමුවේ දේවාලයට වැටෙන පඬුරු වලින් කෝටි දහයක් මීට කලකට ඉස්සර පොලියට දීලා තිබුණා.ඒ දවස්වලම මම මාධ්‍ය හමුවක් තියලත් ඔය ගැන කිව්වා.ඒ ස්ථානයේ මුදල් කෝටි ගණන් තවමත් අවභාවිතා වෙනවා.මේ බව තේරුම්ගත්ත බෞද්ධ දෙපාර්තමේන්තුව කැටවලට සීල් තැබිමට තීරණය කිරිම වටිනවා.
මම හැමදාමත් කියනවා වගේ මේ වගේ පඬුරු වැටෙන ස්ථානවලට අනිවාර්යයෙන්ම සීල් තැබිය යුතුයි.ඒ මුදල් මාසිකව ගණනය කර පොදු අරමුදලකට දැමිය යුතුයි.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට වඩා විගණකාධිපතිවරයාගේ අවධානය මේ සදහා යොමුවිය යුතුයි.හැම පිං කැටයක්ම විගණකාධිපතිවරයාගේ විගණනයට ලක්වෙනවානම් ඔය වංචා හොරකම් ගසා කෑම් වළක්වා ගන්න පුළුවන්.
අනෙක් කාරණය මේ නවගමුව දේවාලයට මොනතරම් රත්තරන් ආභරණ පුජාකරලා තියෙනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ.ඒවා කොහේවත් සටහන් වෙලත් නැහැ.ඒ රන් ආභරණ දේවාලෙවත් පන්සලෙවත් නැහැ.එහෙමනම් ඒවාට මොනවාද වුණේ කියලා හොයලා බලන්න ඔිනේ.
අපේ රටේ බොහෝ දේවාල හොර ගුහාවල්.කරුමේ කියන්නේ දෙයියන්ගේ දේත් මුං දෙයියන්ටත් හොරෙන්
හොරාකන එකයි.
ඇත්තම කතාව අද කෝටි ගණන් පඬුරු වැටෙන සමහර විහාරස්ථාන පාලනය කරන්නේ එක්කෝ ගෑනු.එහෙම නැත්නම් පන්සලේ ඩ්‍රැයිවර්.නවගමුවෙත් සිදුවෙලා තියෙන්නේ ඔන්න ඕකයි.”
නවගමුවේ වගේ කෝටි ගණන් වංචා සිදුකරන ස්ථානවල ප්‍රධානින්ට එරෙහිව අලුතින් සම්මත කළ දූෂණ විරෝධි පනත අනුව නිසි දඬුවම්දීමට පියවර ගත යුුුතුයැයි ද වනවාසි රාහුල හිමියෝ පවසති.
