හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිඳු කළ සෝදිසි මෙහෙයුමක දී ආහාරයට නුසුදුසු කරවල තොගයක් ගබඩා කර තිබූ හාලිඇල ප්‍රදේශයේ ගබඩාවක් සොයා ගත් බව වාර්තා වේ.
එමෙන්ම මෙම නරක් වූ කරවල තොගයෙන් විශාල ප්‍රමාණයක් වේලා විකිණීමට උත්සාහ කර ඇති බවත් , එම නරක් වූ කරවල වෙළඳපොළ වෙත රැගෙන යමින් තිබූ ලොරි රථයක් සහ එම පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙසේ නරක් වූ කරවල තොගය ගබඩා කර තිබූ ගබඩාවට සහ එම ලොරි රථයට සීල් තබා ඇති බවද සඳහන් කරයි.
