අත්අඩංගුවෙන් මිදී පළා ගිය සැකකරු සොයා විමර්ශණ.

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පළාගිය සැකකරු සොයා වීරකැටිය පොලීසිය විමර්ශණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙලෙස පළාගොස් ඇත්තේ හෙරෝයින් සන්තකයේ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු බවට පොලීසිය පවසයි.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මේ වන විට පලාගිය සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් යොදා විමර්ශණ සිදු කරන බවයි.

Exit mobile version