අතුරුදන් වූ මව සහ දියණිය සොයා විමර්ශණ.

අතුරුදන් වූ මවක් සහ දියණියක් සොයා මහරගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි මවක් සහ දොළොස් හැවිරිදි ඇයගේ දියණිය බව සදහන්.

ගමට යන බව පවසමින් මව සහ දියණිය නිවසින් පිටත්ව ගිය බව අසල්වාසීන් පවසා තිබෙන අතර මේ සම්බන්ධයෙන් මහරගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Exit mobile version