අමාත්‍යාංශ කිහිපයක ලේකම්ලා වෙනස් වන ලකුණු.

අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කර තිබේ .

ඒ අනුව ඇතැම් අමාත්‍යාංශවල ලේකම්වරුන් මාරු කිරීමටත් , මහජන සුබසාධන ප්‍රතිපත්ති නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීමටත් නියමිත බව සඳහන් .

මේ සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ බංකොලොත් රට ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගීමට රජය ගෙන යන ආර්ථික සහ සමාජ සුභසාධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහයක් නොදී මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන අමාත්‍යංශ ලේකම්වරුන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි ලැබී ඇති බවත් , ජනතාවට නිසි සේවයක් නොලැබෙන බවට මහජන පැමිණිලි ලැබී ඇති අමාත්‍යංශ ලේකම්වරුන් සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනයක් කර ඇති බවත් ය.

Exit mobile version