අන්සතු ගිනි අවියක් සන්තකයේ තබා ගත් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට.

කරුවලගස්වැව පොලිසියට ලද තොරතුරකට අනුව අන්සතු බෝර 12 ගිනි අවියක් සහ එයට යොදන රබර් උණ්ඩයක් සන්තකයේ තබා ගෙන සිටි සිවිල් ආරක්ෂක භටයෙකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම ගිනි අවිය තබ්බෝව – නො.5 ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට නීත්‍යානුකූලව නිකුත් කර තිබූ ගිනි අවියක් බවත් , සැකකරු සිවිල් ආරක්ෂක බලකායේ කරුවලගස්වැව මූලස්ථානයට අනියුක්තව සේවය කරන අයෙක් බවත් , මොහු අලි වැට ආරක්ෂා කිරීමේ රාජකාරිය සඳහා යොදවා සිටි අයෙක් බවත් සඳහන් වේ.

අදාළ සැකකරු තබ්බෝව – තේවනූරුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.

නමුත් අන්සතු ගිනි අවියක් සැකකරු සන්තකයේ තබා ගෙන සිටියේ කුමක් හේතුවෙන්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කරුවලගස්වැව පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version